ශේෂාද්‍රිගේ අනියම් පෙම ගැන සැමියා හෙලිකරයි.


ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප‍්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් හා සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය දෙකඩ වී ඇති බව මේ වන විට කවුරුත් දන්නා පුවතක්’ විවාහ වී වසර දෙකක් ගතවීමටත් පෙර එම විවාහයට දෙදරායාමට ප්‍රදානම හේතුව ශේෂාද්‍රි වෙනත් පුද්ගලයෙකු සමග පැවති අනියම් සම්බන්දය බවයි සම්පත් සිල්වා සදහන් කර තිඛෙන්නේ’

වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී තවත් පිරිමියකු සමග ඇයව හසුවූ බවත් ඔහු එම ස්ථානයට ගියේ පොලිසිය සමග බවත් සම්පත් සදහන් කර තිඛෙනවා’ මේ පිලිබදව අදහස් දැක්වූ සම්පත් වැඩිදුරටත් සදහන් කර තිඛෙන්නේ තවත් පිරිමියෙකු සමග අනියම් සම්බන්දයක් පවත්වමින් ශේෂාද්‍රි කල වරදට කවදාවත් සමාව දිය නොහැකි බවයි’

මගේ මල්ලි ඉන්නේ මා එක්ක’ මල්ලි අපේ ගෙදර ඉන්නවට ඇගේ කැමැත්තක් තිබුණේ නැහැ’ අවශ්‍යම නැති ප්‍රශ්නයක් ලොකු කරගෙනයි ඇය ගෙදරින් ගිහින් තියෙන්නේ’ පස්සේ කරුණු 12 සහිත සිතාසියක් ආවා’ එහි” මට අනියම් සබඳතා තියෙනවා” මම නිතරම ශේෂාද්‍රිට වද දුන්නා’ ශේෂාද්‍රි ගැබ් ගෙන හිටපු වෙලාවේ මම එයාට පයින් ගහලා ඒ දරුවා නැති වුණා කියලා තියෙනවා’ ඔය චෝදනා ඔවුන් ඔප්පු කළ යුතුයි අනිවාර්යෙන්ම’ නමුත් මං කියන්නේ එයාලට ඒ එකක්වත් ඔප්පු කරන්න බැහැ’

ඇත්තටම ශේෂාද්‍රි ගේ අම්මා තමයි ඔළුව නරක් කළේ’

මට ඇය එක්ක කිසිම දවසක පරණ විදිහට පවුල් ජිවිතයක් ගත කරන්න බැහැ’ ඒ හැම දේම එයා නැති කර ගත්තා’ ඇත්තටම ශේෂාද්‍රි කළේ සමාව දෙන්න බැරි වැඩක්’ එයා ගේ අතැරලා ගිය එකට හරි සමාව දෙන්න පුළුවන්’ තව පිරිමියෙක් එක්ක හිටපු එකට නම් කවදාවත් සමාවක් දෙන්න බැහැ.

1 comment: Leave Your Comments