පසුගිය දිනවල කාගේත් අවධානය යොමු වූ ශේෂාද්‍රි ප්‍රියසාද් සම්බන්ධයෙන් වෙබ් අඩවි මගින් විවිධ පුවත් වරින් වර වාර්තා කරනවා.
මේ සියලු වාර්තා කිරීම් වලට මුල් වී ඇත්තේ ඇගේ සැමියා වන සම්පත් ද සිල්වා සමග ඇය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමගයි.
මාධ්‍ය වෙත ඔහු පවසා තිබුණේ ශේෂාද්‍රි සහ සම්පත්ගේ විවාහය වසර දෙකක් ගතවීමට පෙර බිඳ වැටී ඇති බවයි.
එයට හේතුවක් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී ඇය තවත් පිරිමියකු සමග හසුවීමයි. ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ එම ස්ථානයට පොලිසියත් පැමිණි බවයි.
කෙසේ වෙතත් යලිත් වරක් සම්පත් මාධ්‍යට අදහස් දක්වා තිඛෙනවා. රිවිර පුවත් පතට අදහස් දක්වන ඔහු එහිදී පවසා ඇත්තේ ශේෂාද්‍රි තමාට හොඳ බිරිඳක් වී සිටි බවයි. ඔහු සමග කළ කතාබහ පහතින් බලන්න.
සම්පත්, ශේෂාද්‍රි ඔඛෙන් වෙන්ව ජීවත් වෙන්න පටන් අරගෙන මාස පහකට වැඩි කාලයක් වෙනවා. ඇය වෙන් වෙන බව ඔබ දැනගෙන හිටියද ?
මම දැනගෙන හිටියේ නැහැ. එහෙම වෙනසක් මට දැනිලා තිබුණෙත් නෑ. මේ සිද්ධිය වුණේ මැයි මාසේ 29දා. එදා අපි සතුටින් හිටපු දවසක්. අපි දෙන්නා උදේ කෑම එකට අරගෙන මම වැඩට ගියා. එයා මට කිව්වා කොලෙජ් එකට යන්න ඕන කියලා. මම එයාට කිව්වා අපේ ගෙදර වැඩට ඉන්න කෙනා එක්ක යන්න, සල්ලි මදි නම් මගේ කාඞ් එකෙන් ගන්න කියලා. එයා වැඩට ඉන්න කෙනා එක්ක කොලේජ් ගිහින් තියෙන්නේ. ඒත් හවස ශේෂාද්‍රි නැතුව වැඩට ඉන්න කෙනා තනියම අඩාගෙන ගෙදර ඇවිත්. මගේ මල්ලී මට කෝල් කරලා කිව්වා ශේෂාද්‍රි ආවේ නැහැ වැඩට ඉන්න කෙනා අඩනවා මොකක් හරි ප්‍රශ්නයක් අයියා ඉක්මනට ගෙදර එන්න කියලා.
මම ඉක්මනට ගෙදර ගිහින් ඊට පස්සේ ශේෂාද්‍රිගේ ගෙදර ගියා. මම එහේ ගියාට ශේෂාද්‍රි එහේ ගිහින් නැහැ කියලා මම දන්නවා. ඒත් එයාගේ ගෙදර ගියේ එයාගේ අම්මාගේ යාළුවෙක්ගේ ගෙදර ශේෂාද්‍රි ඉන්න බව මම දන්න නිසා. ඒ ගැන විස්තරයක් දැන ගන්න. ඒත් මාව ගේ ඇතුළට ගත්තේ නැහැ. ජනේලයෙන් මාත් එක්ක කතා කළේ. මට විස්තරයක් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම වැල්ලවත්ත පොලිසියේ පැමිණිල්ලක් දාලා ගෙදර ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගන්න ශේෂාද්‍රිට කතා නොකළේ මොන හේතුවක් නිසාද ?
මම එයාව සම්බන්ධ කරගන්න හුගක් උත්සහ ගත්තා. ඒත් එයාට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ දුරකථන අංක එයා බ්ලොක් කරලා තිබුණේ.
ඒ සිද්ධියෙන් පසුව ඔබට ශේෂාද්‍රිව මුණ ගැහුණේ නැද්ද ?
ඒ සිද්ධියෙන් පස්සේ ජුනි 22 දා නීතිඥවරයෙක් මට කතා කරලා කිව්වා ශේෂාද්‍රිගේ පාර්ශ්වයෙන් දික්කසාද නඩුවක් ගොනු කරලා තියෙනවා කියලා. ඒ වේලාවේ මම කිව්වා මට කිසිම අවශ්‍යතාවක් නැහැ දික්කසාද වෙන්න කියලා. ඒ වේලාවේ ලෝයර් කිව්වේ නඩුව දාලා තියෙන්නේ ශේෂාද්‍රිගේ අම්මා. ඒ දෙන්නම මෙතන ඉන්නවා කියලා. ඒ සිද්ධිය එතැනින් ඉවර වුණා. එයාව මම මැයි 29 දැක්කට පස්සේ ආයෙමත් දැක්කේ සැප්තම්බර් 17දා අලුත් කඬේ උසාවියේදී.
එතකොට ශේෂාද්‍රි වෙන තරුණයෙක් එක්ක සම්බන්ධයක් තිඛෙන බවට ඔබ හිතන්නේ ඇයි ?
ශේෂාද්‍රි කියන්නේ මම හඳුනා ගත්ත දවසේ ඉඳලම විශ්වාස කරපු කෙනෙක්. බොරු කියන්න ඕන නැහැ. ඇත්තටම එයා හොඳ බිරිඳක්. මගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා ශේෂාද්‍රි වැල්ලවත්ත තියෙන එපාට්මන්ට් එකක වෙන පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා කියලා. මම ඒ කතාව විශ්වාස කළේ නැහැ. මොකද මට ශේෂාද්‍රිව විශ්වාස නිසා. ඒත් යාළුවා කිව්වා ඉක්මනට එන්න කියලා. පස්සේ මම එතැනට ගියා. ගිහින් වැල්ලවත්ත පොලිසියට කෝල් කරලා සිද්ධිය කිවිවා. ඒ වෙලාවේම පොලිසියෙන් එතැනට ආවා. එයාලා එක්ක තමයි ශේෂාද්‍රි හිටපු එපාට්මන්ට් එකේ හයවැනි තට්ටුවට ගියේ. ඒත් එක්කම වගේ ශේෂාද්‍රිගේ තාත්තා එතැනට ඇවිත් එයාව තුරුළු කරගත්තා.
ඔබ ඇයට සමාව දෙනවද ?
මම කොහොමද ඉස්සර වගේ ආදරෙන් ඉන්නේ. මාව ඕන නැති නිසයි එයා ඒ වගේ වංචාවක් මට කළේ. කොහොම වුණත් මම එයාට ඩිවෝස් එක දෙනවද කියලා හිතන්න ඕන. මට විරුද්ධව කරුණු 12 ක් ගොනු කරලා. ඉන් 10 ක්ම බොරු චෝදනා.
දෙකක් ඇත්ත. එකක් එයාගේ අම්මාට මම බැන්න එක. අනිත් එක මගේ අම්මා එයාට සලකපු විදිහ. නැන්දම්මා ලේලි ප්‍රශ්න. මට ශේෂාද්‍රිව ඕන නිසා අම්මාගෙන් මම අයින් වෙලා ජීවත් වුණේ. එයාට සලකපු විදිහ හොඳ නැති නිසා මම අදටත් අම්මා එක්ක කතා කරන්නේ නැහැ. ඒ ගැටලු හැර මට වෙන කෙල්ලෝ ඉන්නවා කියලා, එයා ගැබ් අරගෙන ඉන්න කාලේ මම බඩට ගැහුවා එහෙම බොරු චෝදනා කරලා තියෙනවා. ඒ නිසා ගන්න තීරණය මොකක් වෙයිද දන්නේ නැහැ.
ඔබේ සහෝදරයා ඔබ එක්ක වාසය කළ එකත් ශේෂාද්‍රි ඔඛෙන් වෙන් වෙන්න එක හේතුවක්ලු
ශේෂාද්‍රිට මාත් එක්ක තනියම ජීවත් වෙන්න ඕනකම තිබ්බේ. ඒ නිසයි අපි වෙනම ජීවත් වුණේ. ඒත් මගේ මල්ලී මාත් එක්ක ඉන්න ආවා. තාත්තත් ඉඳලා හිටලා ඇවිත් ඉන්නවා. එයාගේ අම්මට ඕන වුණේ එයාගේ තාත්තාව පාලනය කරගෙන ජීවත් වෙනවා වගේ මාවත් පාලනය කරන්න. ඒ නිසා අපි ඒ අය එක්ක ඉන්නවට එයාගේ අම්මා අකැමැති වුණේ. මටයි ශේෂාද්රිටයි කොහෙවත් තනියම යන්න දෙන්නේ නැහැ. යනවා නම් එයාලගේ ගෙදර හැමෝම ම එක්කගෙන යන්න ඕන. ඕන දේවල් අරගෙන දෙන්න ඕන. ඔය වගේ ප්‍රශ්න හරියට තිබුණා.
ශේෂාද්‍රිව විවාහ කරගත්තේ විවාහ යෝජනාවකින් වුණත් ඇයගේ දෙමාපියන්ගේ අකැමැත්ත උඩ විවාහ උත්සවය කළා කියලයි ආරංචිය. ඒක ඇත්තද ?
ඔව්. ඒක ඇත්ත. මගේ තාත්තා ශේෂාද්‍රිව දැකලා මට කිව්වා එයාව ගැළපෙනවා. කැමැති නම් යෝජනා කරන්නම් කියලා. මම එයා නිළියක් කියලා දැනගෙන හිටියා. ඒත් එයා රගපෑව නිර්මාණ මම දැකලා තිබුණේ නැහැ. ඒත් එයාගේ වරදක් දැකලා තිබුණේ නෑ. ඒ නිසා මම කැමැති වුණා. ඒ යෝජනාවට එයාලත් කැමැති වුණා. අපි දෙන්නා කැමැති වුණාට පස්සේ කවදාවත් තනියම කොහේවත් ගිහින් නැහැ. එයාලා යන්න ඉඩ දුන්නෙත් නෑ. දවසක් මගේ අම්මයි, එයයි, මමයි එළියට ගියා කියලා ශේෂාද්‍රි ගෙදර ආව ගමන් එයාට හොඳටම ගහලා තිබුණා.
ඊට පහුවදා මම එයාව විවාහ ගිවිස ගත්තා. ඊට මාසයකට පස්සේ ශේෂාද්‍රිට ඕන වුණා ලස්සනට වෙඩින් එක කරන්න. මට වෙඞ්න් එකක් ගන්න ඕනකමක් තිබුණේ නැතත් එයාගේ කැමැත්තට වෙඩින් එක කළා. ඒක තමයි වුණේ. මොකද මමත් එයාට ගොඩක් ආදරේ කළා. එයාව සතුටින් තියන්න මටත් ඕන වුණා. එයාට හොඳ ගතිගුණ තිබුණේ. ඒකයි මමත් ඒ තරම් ඉවසීමකින් වැඩ කළේ. ඒත් මේ වගේ පහත් වැඩක් එයා කරයි කියලා නම් මම විශ්වාස කළේම නැහැ. ඒ ගැන මටත් තියෙන්නේ දුකක් නෙමෙයි කලකිරීමක්.
0 comments:
Post a Comment