පුවත් මවන්නියක් ලෙස රුවන්ගි රත්නායක කලා ලෝකයේ කතාබහට ලක්වුණු චරිතයක් වුණා. ඉතින් මේ තමයි අපිට රුවන්ගි ගැන දැනගන්නට ලැබුණු අලුත්ම ආරංචිය.
රුවන්ගි පැන්නා නේද තව කඩුල්ලක්..?
ඔව් අනේ..ඔය කියන්නේ වයසින් තව කඩුල්ලක් පැනපු එක නේද? ඒක නම් ඇත්ත.
මෙදා පාර පැන්නේ කීවෙනි කඩුල්ලද ?
ඒක රහසක්..
මෙදා පාර උපන්දිනේ සැමරුවේ කොළඹින් පිට කියලා අපිට ආරංචියි?
ඔව්. ආණමඩුවේ වඩත්ත කියන ගමට ගියා.
ඒ කියන්නේ කට්ටිය ආපහු ට්‍රිප් එකක් ගියාද?
අනේ නැහැ. අපි එකට නෙමෙයි ගියේ කට්ටිය වෙන වෙනමයි ආවේ.
එච්චර දුරක උපන්දිනේ සමරන්න විශේෂත්වයක් තිබුණද ?
විශේෂත්වය කියන්නේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දෙන්න හිතුණා. ඉතින් ආණමඩුව ශ්‍රී සරණංකර පිරිවෙණෙතමයි සංඝයා වහන්සේලා 69 නම දෙනකුට දානයක් දුනනේ.
හිටි හැටියේම පිනක් දහමක් කරගන්න අදහසක් පහළ වුණේ ?
හිටි හැටියේ නෙමෙයි. මේ පන්සලට දානයක් දෙන්න කාලෙක ඉඳලා මගේ අදහසක් තිබුණා. ඉතින් මට හිතුණා උපන්දිනේ තමයි ඒකට හොඳම දවස කියලා. යාළුවෝ එකතු කරගෙන පාර්ටි දානවාට වඩා යාළුවෝ එකතු කරගෙන මේ වගේ වැඩක් කරන්න ලැබීම සතුටක්.
ඔය ගමන ගියේ රුවන්ගිගේ පෙම්වතා එක්කලු නේද?
අනේ මට තවම පෙම්වතෙක් නැහැ. එදා ඒ ගමනට ආපු හැම දෙනාම මගේ යාළුවෝ කිහිප දෙනෙක් මිසක් එතන කිසිම පෙම්වතෙක් හිටියේ නැහැ.
ආරාධනා කරල තිබුණේ කිකිළි සංගමයේ සමාජිකයන්ට විතරද?
ක්ෂේත්රයේ ගොඩ දෙනකුට ආරාධනා කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. නමුත් මේ ගමන දුෂ්කර සහ දුර ගමනක් නිසයි මම එහෙම නොකළේ. ඉතින් ආරාධනා කරපු අයගෙන් දහයක් පහළොවක් විතර ආවා ඉතින් ඒ යාළුවෝ හැමෝම බොහොම කැමැත්තේ එකතු වෙලා මේ වැඩේ කළා. අනික ඒයාලා මගේහොඳම යාළුවෝ එච්චරයි. වෙන සංගම් නැහැ. අපි ට්‍රිප් එකක් ගිය වෙලාවේ විහිළුවට කියපු නමක් නේ ඔය ප්‍රසිද්ධ වුණේ.
ඉතින් ෆෙස් බුක් දැම්ම නිසානේ ඒ කතා අහන්න වුණේ?
මම ඇත්තටම ෆෙස් බුක් නැහැ. ඒ නිසා කිසි දෙයක් මම දාන්නේ නැහැ. ඉතින් මට ඒකට උත්තර දෙන්න අමාරුයි.
දැන් ඉතින් පෙළවහකටත් හොඳ කාලේ නේද?
කාලේ නම් හොඳයි. තවම හොඳම කෙනා තමයි හමු වුණේ නැත්තේ.
ටානියා මෝසස්
මුලාශ්‍ර - සිළුමිණ
0 comments:
Post a Comment