රිතූ කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
ෂූටින් එක්ක තමයි කාලය ගතවෙන්නේ. ඒ නිසා කාර්යබහුල වෙලා ඉන්නේ.
පුංචි තිරයේ නිතරම දකින නිසා වැඩ වැඩිවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම නම් හිතෙන්නේ නෑ. මොකද හැම වැඩක්ම මම කරන්නේ සතුටින්.
ඒ කියන්නේ ඔබ වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක්?
ඔව්. මම රංගනයට ගොඩක් කැමැතියි. ඒ කැමැත්ත නිසාමයි රංගනය වෘත්තියක් විදිහට තෝරාගන්න හිතුවේ.
රංගනයේදී රිතූට සීමාවක් තියෙනවාද?
ඔව්. කලාවට විතරක් නෙවේ ජීවිතේ හැමදේටම සීමාවක් තියෙනවා. එහෙම වුණාම වැඩ කරන්න පහසුයි. කවදාවත් මම මගේ සීමාව පනින්නේ නෑ.
උතුම් පැතුම් නිසා තාමත් රිතූ බැණුම් අහනවා කියන්නේ ඇත්තද?
ඔව්. අනේ.. ගොඩක් වෙලාවට ඒ චරිතෙ නිසා බැණුම් අහනවා. සමහර අය නම් ඒ නපුරුකමට කැමැතියි. ඇත්තටම ඒ චරිතේ හරිම හිතුවක්කාරයි. ඒකයි මිනිස්සු බ‚න්නේ.
රංගනයේදි රිතූට ලැඛෙන වටිනාකම ගැන තෘප්තිමත්ද?
ඔව්. මට වටිනාකමක් තියෙනවා. ඒ නිසා මට ලැඛෙන මුදල මට හොඳටම ප්රමාණවත්.
ඇත්තද ඇතැම් නවකයන් රංගනයෙන් ලැඛෙන මුදල් ප්රමාණවත් නැති නිසා වෙනත් ක්ෂේත්රයන්ට යොමුවෙනවා කියන්නේ?
ඒක මම දන්නේ නෑ. මගේ දේවල් ඇරෙන්න අනිත් දේවල් කතා කරන්න මම කැමැති නෑ. ඒ අයට කැමැති නිසයි ඒ අය එහෙම දේවල් කරන්නේ. මම වුණත් කරන්නේ මට හොඳයි කියලා හිතෙන දේ.
තාම සිනමාවට අවස්ථාවක් ලැබුණේ නැද්ද?
අවස්ථා නම් ලැබුණා. නමුත් මම කැමැත්තෙන් ඉන්නේ සිනමාවට හොඳම නිර්මාණයකින් සම්බන්ධ වෙන්න. ඒ සඳහා නම් තවම ආරාධනා ලැබුණේ නැහැ.
ඇත්තද රිතූ වටා ඉන්න හැමෝම හොඳම යාළුවෝ කියන්නේ?
ඔව්. මම ආශ්රය කරන්නේ මට සමීප අය විතරයි. පාසල් කාලේ වගේම ක්ෂේත්රයේ ඉන්න කිහිපදෙනෙක්ම මම ළඟින්ම ආශ්රය කරනවා.
කවුද ක්ෂේත්රයේ ළඟින්ම ආශ්රය කරන්නේ?
ලෝචනා, දිනක්ෂි, ධනංජි, නිපු‚කා, ඉෂාරා තමයි මම ළඟින්ම ඇසුරු කරන්නේ.
ක්ෂේත්රයේ හිත ගියපු කෙනෙක් නැද්ද?
එහෙම විශේෂ කෙනෙක් නෑ. මම හැමෝම ආශ්රය කරන්නේ සහෝදරයෝ වගේ.
තවමත් රිතූ තනිකඩයිද?
ඔව්. තවම මට ගැළපෙන කෙනා ලැබුණේ නෑ. ඒ නිසා මේ පුරුදු තනිය හොඳයි.
රිතූට විවාහ වෙන්න වයස හරි කියලා හිතෙන්නේ නැද්ද?
තවම නෑ. තාම මට අවුරුදු 25යි. ඒ නිසා විවාහයට කල් තියෙනවා. ගෙදරින් හැමදේම ලැඛෙන නිසා දැන්ම ඇදගෙන නාන්න කැමැති නෑ.
වෘත්තීයමය රංගන ශිල්පිනියක් නිසා නළුවෙක් සැමියා කරගත්තොත් නරකද?
මම විවාහ වෙන කෙනා මොන ක්ෂේත්රය නියෝජනය කරනවාද, මේ වෙලාවේ මොනවා කරනවාද කියලා මම දන්නේ නෑ. හැමදේටම වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට හැමදේම වේවි.
0 comments:
Post a Comment