පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් දොරටුව අසල රිය අනතුරක් සිදු කොට ආරක්ෂක කපොලු කිහිපයකට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් ටෙලි නාට්‍ය නිළි රිතු අකර්ෂාට චෝදනා තුනක් යටතේ නඩු පැවරීමට තලංගම පොලිසිය කටයුතු කර තිබේ.
ඒ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි සිදු කිරීම යන චෝදනාවන්ටය.
තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඇය අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පෙරේදා දින නිදහස් කර තිබිණි.
ඇයගේ මෝටර් රථයේ තිරිංග ක්‍රියාත්මක වීම ගැන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෝටර් රථය ඇයට භාරදුන් බව පොලිසිය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අසල සිදු වූ රිය අනතුරින් පස්සේ මම කතා කළේ තාත්තාට යැයි රිතු ආකර්ෂා ඊයේ (24) පැවසුවාය.
ඇය අනතුරකට ලක් වීමෙන් පසුව රජයේ තරුණ කැබිනට් අමාත්‍යවරයකුට ජංගම දුරකථනයෙන් කතා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධව කළ විමසීමේදී ඇය මේ බව සඳහන් කළා ය.
එමෙන්ම මෙහි පරීක්ෂණ කටයුතුවලට කිසිදු රජයේ අමාත්‍යවරයකු හෝ දේශපාලනඥයකුගේ බලපෑම් එල්ල නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
0 comments:
Post a Comment