අතුල සමිතා යලි එකතුවේනවා දකින්න කාවින්ද්‍යා කැමත්තේන්




අතුල අධිකාරිගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි තම පියා සහ වර්තමානයේ ඇතිව තිඛෙන තත්ත්වය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පත් කිහිපයකට අදහස් දක්වා තිඛෙනවා.

එහිදී කාවින්ද්‍යා අධිකාරි පළ කර ඇති අදහස් පහතින් දැක්වෙනවා.

තම පියා මව සහ අමායා පිළිබඳව එම ප්‍රකාශයේ සඳහන් වනවා.

අපේ පවුල මොකක් හෝ හේතුවක් නිසා වෙන්වුණා. ඒ ගැන දුකක් නැතුව නෙවෙයි. දුකයි. පවුල් ජීවිතේ එක්ක වගකීම් ඇතිවෙනකොට තමන්ගේ නිදහස ඇහිරෙනවා කියලා තාත්තිට හිතුණද දන්නෙ නැහැ.

ඒ ගැන දන්නේ තාත්ති තමයි. කොහොම වුණත් කොයි විදිහට ප්‍රශ්න විසඳුණත් මම තාත්තිට ආදරෙයි. මගේ තාත්තිට මම හුගක් ගරු කරනවා. කලාකරුවෙක් හැටියට එයා හුගක් පරීපූර්ණ මනුෂ්‍යයෙක්. ලංකාවේ ඉන්න දක්ෂ සංගීත ශිල්පීන්ගෙන් කෙනෙක් එයා. ඒ නිසා මගේ තාත්තිව මට වටිනවා. තාත්ති කවදාවත් එයාගේ ආදරෙන් මාවවත්, මල්ලිවත් තනි කළේ නැහැ. මගේ තාත්ති මගේ ලග ඉන්නව නම් මම සතුටු වෙනවා. අපි හතරදෙනා එක්ක ජීවත් වෙන්න ඕන කියලා එයා හිතනව නම් ඒක වෙයි. ඒත් තාත්ති තනියම ඉන්නවා කියලා තිරණය කළා නම් ඒකත් එයාගේ කැමැත්ත.

අම්මාම කැමති නම් තාත්තිව අපි ලගට ගන්න මම ඒකට කැමතියි. ඒත් අනාගතයේ තීරණ කොයි විදිහට වෙයිද කියන්න අපි දන්නේ නැහැ. දෛවය අනුව සියලුම දේ හොඳ හෝ නරක විදිහට සිදුවේවි. ඒ වගේම කියන්න ඕන තාත්ති අපේ ලග නොහිටිය කාලයේදීත් අම්මා, මම මල්ලි එයා එක්ක කවදාවත් අමනාපයෙන් හිටියේ නැහැ. අපි අතර ප්‍රශ්න තිබුනෙත් නැහැ කියන එක.

අමායා කියන්නේ හුගක් හොඳ කෙනෙක්. එයාට දුවක් ඉන්නවා. දුවට නම දැම්මෙත් මල්ලි. අපි හැමෝම ඒ නංගිට ආදරෙයි. අමායාගේ තීරණ හෝ තාත්තිගේ තීරණ කොයි විදිහ වුණත් අපි අතර කිසිම තරහක් නැහැ. එදා වගේම අදත් ඉස්සරහටත් අපි කතාබහ කරලා සුහදව ඉඳිවි.

අමායා පහුගිය දවස්වල මාධ්‍යයට කියපු දේවල් ගැන ලොකුවට කතා කරන්න කැමති නැහැ.මොකද ඒක එයාලගේ පවුලේ ප්‍රශ්නයක්. අනික මම ඒ ගැන තාත්තිගෙන් අහන්න කැමති නැහැ.

0 comments:

Post a Comment