ඩිලානිගේ දුව කවීෂා දැන් නිළියක්....

නූව දශකය මැද භාගයේදී ජනප්‍රිය ගායකයෙකුව සිටි සමන් පුෂ්පවර්ණ (මල්කා) සිය මිතුරු ගීත නිබන්ධකයෙකු ලවා මේ ගීතය ලියවා ගත්තේ

ඔහුගේ බිරිඳ වූ ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනට කුළුඳු‍ලේ උපන් දියණිය කවීෂා කාවින්දි ප්‍රේ්‍රමබන්දු වෙනුවෙනි. එම ගීතයට මුල් වූ කවීෂා දියණිය අද සොඳුරු යෞවනියකි.
මව් උරුමයෙන් රංගනයද පිය උරුමයෙන් ගායනයද ජානගත කරගෙන උපන් කවීෂා කාවින්දි දැනටමත් ගායිකාවකි. ජනවාරියේ රූපගත කෙරෙන ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කරන රාජ් රණසිංහ නිෂ්පාදනය කරන ‘සංග මචං චාලි‘ චිත්‍රපටයෙන් කවීෂා සිනමා නිළියක ලෙස දොරට වඩින්නීය.
රාජ් අන්කල් කාලයක් නිව්යෝර්ක්වල හිටියා. අපිව හොඳට දන්නවා. මේ චිත්‍රපටයේ රඟපාන්න එයා මට කතා කළාම ගෙදරින් අවසර දුන්නා. ජනවාරි මුල් සතියේ මම ලංකාවට එනවා රඟපාන්න.....” කවීෂා කියයි.

ගණකාධිකරණය හා ව්‍යාපාර කළමනාකරණය හදාරන කවීෂා පාස‍ලේ හොඳ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්ද වී සිටියාය. පියාගේ ගීත නිබන්ධක මිතුරෙකු ෆේස්බුක් මගින් ගීයක් ගයන්නට කළ ඇරයුම පිළිගත් කවීෂා ‘සමනලී’ නමින් ඔහු ලියූ ගීතයට නව රැල්‍ලේ සංජුල හිමාල ලවා සංගීත නිර්මාණය කරවාගෙන තිබේ. එහෙත් එය පටිගත කරන්නට පෙර කණිෂ්ක සාලින්ද සමග ‘මන්දාරම් අඳුරේ’ යුග ගීය ගයන්නට ඇයට අවස්ථාව ලැබුණි. සචිත උදයංග ලියූ එම ගීය ඉසුරු විතානගේ සංගීතවත් කර ඇත. අද පරපුරේ බොහෝ අය මෙන් නොව පැහැදිලි උච්චාරණයකින් යුතුව කවීෂා ලස්සනට එම ගීය ගයා ඇත. යූටියුබ් මගින්ද දැන් ඊට සවන් දිය හැකිය.
ෆේස්බුක් එකේ මගේ යාළුවෝ පන්දාහක් විතර ඉන්නවා. ගොඩක් අය ආසයි මේ සිංදුවට....... මමත් කැමතියි.” ඇය කියයි. ඇතැමුන් විදේශගත වූ විට සිංහලෙන් කතා කිරීම මදිකමක් කොට සලකන අතර ශ්‍රී ලංකාව පහත් කොට කතා කරන නමුත් සමන් - ඩිලානි යුවළ තම දරුවන් එසේ හදා නොතිබිම පැසසිය යුත්තකි. කවීෂා ඉතා හොඳින් සිංහල ලියන්නට කතා කරන්නට දනී. “මම අවුරුදු හයේදී ලංකාවෙන් ගියේ. ඒත් සිංහල අමතක කළේ නෑ. ලෝකෙ කොහේ හිටියත් මව් භාෂාව අමතක කරන්න හොඳ නෑනෙ. මම ලංකාවට හරි ආදරෙයි. කොයි වෙලාවෙ එන්නද කියලයි මම බලාගෙන ඉන්නේ ජනප්‍රිය දක්ෂ නිළියක වූ මවගේ රඟපෑම් කවීෂා යළි නරඹයි. මල් හතයි, සුජාතා, පිස්සු පූසෝ, හායි බේබි හායි, ගුඩ්බායි ටෝකියෝ චිත්‍රපටවලත්, රන්දෝලි, සෙනුරි, සකිසඳ එලියස් ටෙලි නාට්‍යවලත් මවගේ රඟපෑම් ඇය අගය කරයි. සිය පියා ගැයූ ගී අතරින් මල්කා, එනවා යනවා, සෙනෙහේ කියාලා, ඩිලානියේ යන ගීවලට ඇය කැමතිය. පියා සමග ඉදිරියේදී යුග ගීයක් ගැයීම කවීෂාගේ පැතුමකි. එකම මල්ලි කවිඳු කවිෂ්කට දැඩි ආදරයක් දක්වන ඇය ඔහුද කලාවට ප්‍රිය කරන බව කියයි. ලාල් වීරසිංහ ඩිලානිගේ සමකාලීන නළුවෙකි. අද ඔහු මෙහෙයවන චිත්‍රපටයෙන් ඩිලානිගේ දුව සිනමාවට එයි. එහෙත් තවමත් කවීෂා ලාල්ව සැබැවින් දැක නැත.

චිත්‍රපටවලින් විතරයි ලාල් අන්කල්ව දැකල තියෙන්නේ. ජනවාරිවල ආවාම තමයි මුලින්ම හමුවෙන්නේ” කවීෂා කියන්නේ සිනාසෙමින්.

දිගටම රඟපානවද කවීෂා......? “ඔව්. මම කැමතියි. ඒ අතර සිංදු කියන්නත් බලා‍පොරොත්තු වෙනවා. ජනවාරියෙ ආවම ‘සමනලී’ පටිගත කරල රූප රචනයකුත් කරන්නයි හිතන් ඉන්නෙ. ගෙදරින් කැමති නිසා රඟපෑම - ගායනය දෙකම කරගෙන ඉස්සරහට යනවා. ගායනයට මනා හැකියාවක් ඇති බව තමා ගැයූ එකම ගීතයෙන්ම ඔප්පු කර ඇති කවීෂාට ඩිලානිගේ එකම දුව හැටියට රඟපෑමේ හැකියාවද ඇතුවාට සැක නැත. එබැවින්ම කවීෂා කාවින්දිගේ කලා ලොවේ ගමන්මගට බාධාවක් මතු නොවනු ඇත. 


0 comments:

Post a Comment