ස්ටෙෆිනි සිරිවර්ධන තමයි කපුකම කළේ
.jpg)
සුරූපී සිනමා නිළි පූජා උමාශංකර් තමාගේ පෙම්වතා හා විවාහය ගැන මුල් කාලයේදි තොරතුරු සැගවුවද දැන් ඒ සියල්ල එළිවි තිබේ.රිදී තිරයේ දහස් වර පෙම්වතියක වූ පූජා සැබෑ දිවියේත් දැන් ආදරණීය පෙම්වතියක බවට පත්ව සිටී.ඇගේ ආදරණීය පෙම්වතා නමින් ශ්‍රී ලාංකේය දෙමළ තරුණයකු වන දීපක් ශන්මුගනාදන් ය.
මේ අතර පුජා සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ තමා පෙම්වතා හමුවුණ සැටි ගැන තොරතුරු හෙළි කර සිටි. අතර ඒ සදහා ස්ටෙෆිනි සිරිවර්ධනගේ සහයද හිමිවු බව ප්‍රකාශ කර සිටියා.
ඇය තම ආදරය හා පෙම්වතා ගැන වැඩිදුරටත් පවසා සිටියේ මෙසේය
ඒ ආදර කතාවේ ආදරණිය පෙම්වතා කවුද?
ඔහු නමින් දීපක් ශන්මුගනාදන්. ඔහු නිදහසේ රැකියාව කරන කෙනෙක්. ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම ප්‍රකට මෝස්තර ඡායාරූප ශිල්පියෙක්. තවත් විටෙක ඔහු ඉතාම හොඳ ඩිසයිනර් කෙනෙක්. ඒ වගේම පේන්ටර් කෙනෙක්. මේවා ඔහු ඉදිරියේ දී ව්‍යාපාර ලෙස වැඩිදියුණු කර ගැනුමට බලාපොරොත්තුව සිටිනවා. ඔහු මා මෙන් ම ශ්‍රී ලංකාවේ උපන් දෙමළ ජාතිකයෙක්.
දීපක් සහ ඔබේ හමුවීම සිදුවුණේ කොහොම ද?
මම ශ්‍රී ලංකාවේ වැඩ කරන අතරතුර මට හමු වූ හොඳම යෙහෙළියක් තමයි ස්ටෙෆිනි සිරිවර්ධන. ඇය තමයි 2011 වසරේ ශ්‍රී ලාංකේය රූ රැජන. ඇයත් සමග ගොඩනැගුණු මිතුදම නිසා තමයි මට දීපක් හමුවුණේ. ස්ටෙෆිනිගේ හොඳම යහළුවා තමයි දීපක් ශන්මුගනාදන්. ඇය මට දීපක් ගැන කියමින් මුලදී මුලදී විහිළු තහළු කළා. නමුත් මම ඒවා එතරම් ගණනකට ගත්තේ නැහැ. ඒත්, ඇය වරෙක මට කියා සිටියා පූජා මම ඇත්තටම සීරියස් මේ කියන්නෙ ඔයාට හරියටම මේ ලෝකෙ ගැළපෙනවානම් ගැළපෙන්නේ දීපක් විතරමයි කියලා. අවසානයේ ඇය තමයි දීපක් සහ මා අතර ඇතිවූ මේ ආදර කතාව ගොඩනැඟුවේ.
දීපක් ඔබ ගැන දැන සිටියා ද?
ඒක තමයි හොඳම කතාව. ස්ටෙෆිනි මා ගැන දීපක්ට කියත්දී ඔහු ස්ටෙෆිනිගෙන් විමසලා තිඛෙන්නේ කවුද පූජා උමාශංකර් කියන්නේ කියලයි. මා සහ ඔහු දැන හඳුනාගන්නාතුරුම ඔහු මම නිළියක් ලෙසවත් මාගේ නමින්වත් මාව හඳුනන්නේ නැහැ. අඩුම තරමේ මම රගපෑ එක චිත්‍රපටයක්වත් ඔහු නරඹලා නැහැ.
දීපක් හමු වූ විට ඔබට හිතුණේ කුමක් ද?
අපි දැන හඳුනාගත් පසු මුලින්ම අපි අතරේ ඇතිවුණේ හොඳ මිත්‍රත්වයක්. පසුව එය ආදරයක් දක්වා දුර ගියා. ඔහුත් මාත් තවම දැන හඳුනාගෙන මාස පහක් වගේ කාලයක් තමයි ගතවී තිඛෙන්නේ. ස්ටෙෆිනි කියන්නේ ඉතාම හොඳ ගතිගුණ තිඛෙන, හදවතේ මිනිසත් බව උතුරා ගිය මගේ හොඳම මිතුරියක්. ඇගේ හොඳම මිතුරා වෙන දීපක් තුළත් ඒ හොඳ ගතිගුණ ඇති බව මට හැගුණා. දීපක් කියන්නේ හොඳ රත්තරං හදවතක් තිඛෙන ගුණ යහපත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක්.
දීපක් ගේ පවුලේ තොරතුරු මොනවා ද?
දීපක් ගේ මවුපියන් වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන්. දීපක්ට වැඩිමහල් සොයුරෙක් සහ සොයුරියන් දෙදෙනෙක් සිටිනවා. පවුලේ බාලයා දීපක්. ඔහු ඔහුගේ පවුලට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
දීපක් ශ්‍රී ලාංකිකයෙක් නේද?
ඔව්. ඔහු උපන්නේ ලංකාවේ. ඒත් ඉගෙන ගත්තේ හැදී වැඩී ඇත්තේ නයිජීරියාවේ. වැඩිදුර අධ්‍යාපනයට මීට වසර කීපයකට පෙර ඔහු ලන්ඩන්වලට ගිහින් තිඛෙනවා.
දීපක්, ඔබේ පෙම්වතා වීම ගැන මොකද හිතෙන්නෙ?
මට හිතෙන්නෙ, දීපක් දෙවියන් මට දුන්නු විශාලම තෑග්ග. මගේ ස්වභාවයට ගැළපෙනම කෙනා ඔහුයි. අනෙක දීපක් හැම වෙලාවෙම හිනාවුණ ගමන් ඉන්නේ. මට ඔහුත් එක්ක කොච්චර කතා කළත් එපා වෙන්නේ නැහැ. හැමදේම ඔහු දකින්නේ සුබවාදී විදිහට. ඔහු හොඳ පොසිටිව් තින්කර් කෙනෙක්.
.jpg)
0 comments:
Post a Comment