සිසුවිය‍ පැහැර‍ගෙන නිරුවත් ඡායාරූප ගත් ගුරුවරිය.

මාලබේ ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක 19 හැවිරිදි සිසුවියක්‌ එම විද්‍යාලයේ ගුරුවරියකගේ පෙලඹවීම මත මාසයක කාලයක්‌ නිවසින් අතුරුදන් වී සිටීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.මෙලෙස අතුරුදන්ව සිටි සිසුවිය පොලිසිය විසින් සොයාගැනීමෙන් පසු දැරිය ඇගේ මවට භාර දී ඇත.මෙම දැරිය පසුගිය අගෝස්‌තු මාසයේ අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණ දී සිට ඇති අතර, අපොස උසස්‌ පෙළ විභාගයේ අවසන් දින එනම් අගෝස්‌තු 29 වැනිදා විභාගයට මුහුණදීමෙන් පසු අතුරුදන් වී ඇත. සිය දියණිය නිවසට නොපැමිණි බවට ඇගේ මව හා වැඩිමහල් සොහොයුරා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකින් පසු විමර්ශන අරඹා තිබිණි.

මෙම දැරියගේ පියා මියගොස්‌ සිටින බව ද පොලිසිය කියයි.වයස අවුරුදු 34 ක්‌ වන මෙම ගුරුවරිය සිසුවියට මහරගමට පැමිණෙන ලෙස දන්වා තිබේ. පසුව ඇය සිසුවිය රෙදි සාප්පුවක රැකියාවකට යොමුකර මහරගම බෝඩිමක නවතා ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.මෙම ගුරුවරිය විවාහක දරුවන් සිටින තැනැත්තියක්‌ බව ද හෙළි විණැයි පොලිසිය කීය.

සිසුවිය මෙලෙස සිටි මසක කාලය තුළ ඇයව අපචාර ක්‍රියා සඳහා ගුරුවරිය යොදාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.එසේම මෙම ගුරුවරිය සිසුවියගේ නිරුවත් ඡායාරූප ලබාගත්තේද? යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.සිසුවිය මෙම කාලය තුළ කළ දැ ගැන විමසා සිටීමේදී ඇය කිසිවක්‌ නොපවසන බව ද හෙතෙම කීය.

මේ අතර අදාළ ගුරුවරියගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිසුවිය රවටා මහරගමට රැගෙන යැම ගැන හා ඇයට එල්ල වන චෝදනා සියල්ලක්‌ම ප්‍රතික්‍ෂේප කරන බව එම ගුරුවරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඊයේ (07 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකළ බව ද එම නිලධාරියා කීය.

මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් ජයලත් මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි කාන්තා පොලිස්‌ පරීක්‍ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.



gossipclanka

0 comments:

Post a Comment