ඒත් ඔහුට කිසි දිනක පුහුණුවීම්වලට නොයන ලෙස බලපෑම් නො ආ බවත්, පසුව කලක් යද්දී තමා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් දස්කම් දක්වද්දී සිය පවුලේ සාමාජිකයන් උපරිමයෙන් සහයෝගය දුන් බවද ඔහු කියයි. ජාතික පිල දක්වා ආ කුසල් මුලින්ම ක්‍රිකට්වලට යොමුවීම ගැන ඔහු කියන්නේ මෙවැන්නකි.
පුංචි කාලෙ අපි පදිංචි වෙලා හිටියෙ කොට්ටාවෙ. ගෙදර ඉඳල කිලෝමීටරයක් වගේ දුරින් තමයි කොට්ටාව ධර්මපාල විදුහල තිබුණෙ. ඒ නිසා මම පාසල් ගියේ ධර්මපාලයට. ධර්මපාලෙ ක්‍රිකට් කෝච් කළ දමිත් ගුණසේකර අයියා තමයි මගේ මුල්ම පුහුණුකරු වුණේ. 13 න් පහළ සහ 15 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කළා. මම කොළඹ රාජකීය විදුහලට එනවා. එහිදී මගේ පුහුණුකරු වුණේ චූලක අමරසිංහ අයියා. මම 2006 දී රෝයල් එකේ බිග් මැච් එකට සෙල්ලම් කළා.
කුසල් ජනිත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම්කර ඇති තිස්දෙනෙකුගෙන් යුත් සංචිතයේ ද සාමාජිකයෙකි.
0 comments:
Post a Comment