පූජාට හමුදාපතිගෙ පුතා සෙට් කරලා

ඉන්දීය නිළි පූජා උමාෂංකර්ට යුද හමුදාපතිවරයාගේ පුත්‍රයා වන යසස් රත්නායක සම්බන්ධ කිරීමේ පුවතක් වාර්තා වේ.

මේ සම්බන්ධයට මුල්වී ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවාය. සුනෙත් මේ සම්බන්ධය ඇති කර ඇත්තේ ඔහුගේ අලුත්ම සිනමා පටය වන ආකර්ෂා සිනමා පටය තුළය.

පූජා එහි දමිළ සංගීත ගුරුවරියකගේ චරිතයකට පණ පොවන අතර යසස් යුද හමුදා කර්නල්වරයෙකු ලෙස රංගනයේ යෙදීමට නියමිතය. යසස් යුදහමුදාපතිවරයාගේ දෙවැනි පුත්‍රයා වන අතර ඔහුට සිනමාකරණය පිළිබඳව ඇමරිකානු උපාධියක්ද තිබේ.

මේ සිනමා පටයේදී පූජා පළමු වරට ස්වකීය කට හඩින්ම දෙබස් කැවීමට නියමිතය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටයේ අධ්‍යක්ෂ සමන් වීරමන් මේ සිනමා පටයේ තිර රචකයා වේ.

0 comments:

Post a Comment