කලා ලෝකේ ලස්සන තැනක් කියලා හිතලා තරුවක් වෙන්න උත්සහ දරන නැගී එන නිළියක වන ලක්ෂිකා ජයවර්ධන පසු ගියදිනක ටෙලි අධ්‍යක්ෂකවරයෙකුගේ ලිංගික බලපෑමට ලක් වුණි. ඒ පිළිබදව නොයෙකුත් ආකාරයේ පුවත් මැවුණා. අප සටහන් තබන්නේ එහි සැබෑම සිදු වීමයි. ලක්ෂිකා තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම එකිනෙක පැවසා සිටියේ මෙලෙසිනි.
මට එක්තරා කාන්තා පුවත්පතක මුල් කවරයට ඉන්න අවස්ථාවක් ලැබුණා. ඒ ඡායාරූපය දැකලා මං කියන අධ්‍යක්ෂවරයා මට ඔහුගේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට සහභාගි වෙන්න කියලා ආරාධනා කළා. ඒ අනුව මට ජනවාරි මාසේ දවසක කතා කරලා සම්මුඛ පරීක්ෂණයට එන්න කිව්වා.
සම්මුඛ පරීක්ෂණය පැවැත් වුණේ කොළඹ සුදර්ශී ශාලාවේ. සම්මුඛ පරීක්ෂණයෙන් 99ක් සමත් නිසා දවස් දෙකකින් නැවතත් කතා කරන්නම් කියලා අධ්‍යක්ෂවරයා කිව්වා. දවස් දෙකකින් මට කතා කරලා කිව්වා මේ චරිතයට තෝරාගන්න හිටියේ වෙනත් නිළියක්. ඒත් එයා ගන්නේ නැතිව මම ඔයාව තෝරගත්තා කියලා.
චරිතය ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා ජනවාරි 08 වැනිදා මට නාරාහේන්පිට ආයතනයක් අසලට එන්න කිව්වා. මං ත්‍රීවිල් එකක් අරගෙන එතැනට ගියා. ඔහුට ඇමතුමක් දුන්නා මං එතැනට ආවා කියලා. ඔහු මට කිව්වා මං දැන් අදාළ ආයතනයෙන් එළියට ආවා. තමන්ගේ වාහනේ ළගට එන්න කියලා. සාමාන්‍යයෙන් ඔහු භාවිත කරන්නේ ඛෙන්ස් රථයක්. නමුත් එදා කොළපාට කාර් එකක තමයි ඇවිත් හිටියේ.
මං කාර් එක ළගට ගියාම මට ඒකට නගින්න කිව්වා. මම කිව්වා මං ආපු ත්‍රීවිල් එකේම එන්නම් කියලා. ඒත් ඔහු කතා කරන්න යන්න තිඛෙනවා කිව්ව නිසා මං වාහනේ පිටිපස්සට නගින්න ගියා. ඒත් ඔහු මට කිව්වා ඉස්සරහට නගින්න කියලා. පස්සේ ඔහු වාහනය දෙහිවල පැත්තට ධාවනය කළා. අතරමගදී දෙහිවල ෆාමසියක් ළග වාහනේ නැවැත්තුවා. ඔහු වාහනෙන් බැහැලා ෆාමසියට ගිහින් ගත්තේ මොකක්ද කියලා මං හොඳටම දැක්කා. නමුත් ඔහු ඒක මගඅරින්න නැවතත් වාහනයට ගොඩ වුණේ චොක්ලට් දෙකක් අරගෙන.
ඒ චොක්ලට් දෙක මට දෙද්දිම මම කිව්වා මම චොක්ලට් කන්නේ නැහැ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මං මේ චොක්ලට්වලට ආසා නැති ගෑනු ළමයෙක් දැක්කමයි කියලා. ඔහු වාහනේ දිගටම ධාවනය කළේ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අධ්‍යක්ෂවරුන්ට බැණ වදිමින්.
අන්තිමට වාහනේ නතර කළේ ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදාසන්නයේ තිබුණ හෝටලයක් අසලයි. මට ඒ වෙලාවේ චකිතයක් දැනුනත් ඔහු මට කිසිම අයුතු යෝජනාවක්වත් කිසිම කරදරයක් නොකළ නිසා මම මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා.

පස්සේ අපි එතැන ආපන ශාලාවේ ඉඳගත්තා. ඒ අතරතුර අධ්‍යක්ෂවරයා නැගිටලා ගිහින් ආයෙමත් ආවේ කාමරයක යතුරත් අරගෙන. ඒ යතුරු මේසය උඩින් තිබ්බා. ඒත් මට කිසිම දෙයක් කිව්වේ නැහැ..... ඒ අතරේ එතැනට ආපු හෝටලේ වේටර් කෙනෙක් කාමරේ වායුසමීකරණ යන්ත්‍රයේ දුරස්ථ පාලකය ඔහුට දුන්නා. ඒ වේටර්වරයා වගේම හොටෙල් එකේ වැඩ කරපු පිරිස හැසිරුණ විදිහට මට තේරුණා ඔහු මෙතැන්ට ආගන්තුකයෙක් නෙවෙයි කියලා.
එකපාරටම අධ්‍යක්ෂවරයා මට කිව්වා රූම් එකට යමු කියලා මම කිව්වා රූම් එකට යන්න බැහැ. මෙතැන කතා කරමු කියලා. රූම්වලට යන්නේ ඇයි කියලා ඇහුවම ඔහු කිව්වා මහන්සි නිසා පොඩ්ඩක් විවේක ගන්න ඕන කියලා. ඒත් මම ඒකට එකහෙලාම විරුද්ධ වුණාම ඔහුට තරහ ගියා. ඊට පස්සේ වාහනේට ඇවිත් වාහනේ එළියට ගද්දි මගෙන් ඇහුවා අපි අතරේ එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙම නැද්ද කියලා. මං කිව්වා නැහැ කියලා.
එහෙම කියලා මං වාහනෙන් බැහැලා ආවා. මේ සිදුවීමෙන් පස්සේ ජනවාරි 12 වැනිදා මට ආයෙත් සම්මුඛ පරීක්ෂණයට එන්න කිව්වා. එදා තමයි මම දැනගත්තේ ටෙලි නාට්‍යයට තෝරගන්න හරිම සම්මුඛ පරීක්ෂණය තිබුණේ 12 වැනිදා කියලා. ඒ අවස්ථාවට ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචකයා ද සහභාගි වෙලා හිටියා.
තවත් ගැහැනු ළමයි කීප දෙනෙක්ම එදා ඇවිත් හිටියා. නාට්‍යයේ තිර පිටපත් රචකයා මාව මේ චරිතයට සුදුසුයි කියලා තෝරගනිද් දී අධ්‍යක්ෂවරයා දිගින් දිගටම මම සුදුසු නැහැ කියලා තර්ක කළා. ඒ වගේම ඔහු හැසිරුණේ මාව අඳුනන්නේ නැති විදිහට.
අවසානයේ දී මාව චරිතයට තෝර ගත්තා. එදා අධ්‍යක්ෂවරයා මට කිව්වා මේ නාට්‍යයේ පළවැනි කොටස් 15 ප්‍රචාරය වුණාට පස්සේ ඔයා ගොඩක් ප්‍රසිද්ධ වෙයි. හැබැයි එදාට මට සලකන්න කියලා. ඒත් එක්කම ඔහු කිව්වා මං කියන්නේ සලකන්න ඕන වැඳලා කියලා නෙවෙයි. තේරෙනවනේ කරන්න ඕන මොකක්ද කියලා කිව්වා.
මං හිනාවුණා. මොකද ඒකට උත්තර දෙන්න බැරි නිසා. පළමු රූගත කිරීම් කටයුතුවලට අපිට යන්න තිබුණේ ජනවාරි 15 උදේ. 14 වැනිදා රෑ අධ්‍යක්ෂවරයා මට කතා කරලා එයත් එක්ක වාහනේ යන්න එන්න කිව්වා. ඒත් මං ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මං 15 වැනිදා උදේ අනෙක් පිරිසක් එක්කම දර්ශන තලයට ගියා.
16 වැනිදා නාට්‍යයේ මුහුරත් උළෙලටත් සහභාගි වෙලා 17 වැනිදා මට ෂූටිං තිබුණේ නැති නිසා මං මගේ කාමරේට වෙලා හිටියා. එදත් ඔහු මට අයුතු යෝජනා ගෙනාවා. 17 වැනිදා රෑ අපි හැමෝටම සාකච්ඡාවක් තිබුණා. ඒ වෙලාවේ ඔහු කිව්වා අලුතින් ඇවිත් ඉන්න සමහරු රූගත කිරීම් බලන්නවත් එන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ සංස්කෘතියට හැඩගැහෙන්න බැරි අය මං කපලා දානවා කියලා.
18 වැනිදා උදේ අපි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. පළවැනි කොටස කළාට පස්සේ ඔහු කිව්වා මාව ඒකට ගැළපෙන්නේ නැහැ.... ඉවත්වෙලා යන්න කියලා. ඔහු මට කිව්වා මට රගපාන්න බැරි නිසා ඉවත් වෙලා යනවා කියලා අනික් අයට කියන්න කියලා. කැමැත්තෙන් ඉවත් වෙනවා කියන්න කිව්වා.
මං ඒ වෙලාවේ ඇ`ඩුවේවත් නැහැ. අ`ඩලා ඒවගේ කෙනෙක් එක්ක වැඩ කරන්න මට ඕන වුණේ නැහැ. මං එන්න යද්දී අපේ ක්ෂේත්‍රයේ වැඩිහිටි කලාකාරිනියක් මං ළගට ඇවිත් මගෙන් විස්තර ඇහුවා. අපි දැනගෙන හිටියා ඔයාව මේ චරිතයෙන් අයින් කරනවා කියලා ඇය කිව්වා. මේ ක්ෂේත්‍රයේ ඉන්න වයසක අධ්‍යක්ෂවරු අපිට හදන්න බැහැ. ඉක්මනින් එතැනින් යන්න කියලා ඇය කිව්වා.
මං මගේ බඩුත් අරන් බස් එකට නැගලා කොළඹ ආවා. අඩුතරමින් එයාලාට වගකීමක් තිබුණා ආයෙත් මාව ගෙදරට ඇරලවන්න. නමුත් කිසිම කෙනෙක් මට දුරකථන ඇමතුමක්වත් දුන්නේ නැහැ. ඒ වගේම එතැන ඉන්නවා කොළඹ ආසන්නයේ රූපලාවණ්‍යායතනයක් කරගෙන යන ගෑනු ළමයෙක්. එයත් මේ නාට්‍යයේ රගපානවා. එයා තමයි අලුතින් එන ගැහැනු ළමයිව මේ අධ්‍යක්ෂවරයාට සම්බන්ධ කරන්නේ. එතැන හැමදේම පාලනය කරන්නේ එයා.
ඇත්තටම මට රගපාන්න බැහැ කියලා මේ අධ්‍යක්ෂවරයා දැන් ප්‍රචාරය කරනවා. එයා කොහොමද එහෙම කියන්නේ. මම මිචෙල් ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කළා. දයාරත්න රටගෙදර මහතා සහ ප්‍රිතිරාජ් වීරරත්න මහතා සමග වැඩකරලා තිඛෙනවා.
මේ අය කරන වැඩ ඒ තරම් හොඳ නෑ..... මේ දේ ක්ෂේත්‍රයට එන කිසිම ගැහැනු ළමයෙක්ට වෙන්න හොඳ නැහැ. අනික මේ පුද්ගලයා මේ දේ කරපු පළමු අවස්ථාව මේක නෙවෙයි. මේ නාට්‍යයේ දෙවැනි කොටසට දායක වුණු අපේ සහෝදර නිළියකටත් ඔහු මේ වගේම බලපෑම් කරලා තිබුණා.
කොහොම වුණත් මං මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මා එක්ක දැනටමත් ක්ෂේත්‍රයේ කලාකරුවන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ආයෙමත් කිසිම ගැහැනු ළමයෙක්ට මේ දේ වෙන්න හොඳ නැහැ.
0 comments:
Post a Comment