ශලනි නිසා අකාලයේ මල ආගු

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර නිසා අකාලයේ මියගිය අයකු පිළිබද පුවතක් වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වසර 300ක් පමණ ජීවත්වන බවට විශ්වාසකරනු ලබන ඉබ්ඛෙකි. ශලනිගේ කුඩා කළ සුරතලා බවට පත්ව ඇත්තේ ඉබ්ඛෙකි.

ඒ සතාට ඇය විසින් ආගු ලෙස නම්තබා තිබී ඇති අතර ආගුගේ වාසස්ථානය වී ඇත්තේ ගෝලාකාර බදුනකි.

දිනක් ශලනි අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටව ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ඇගේ ගෙදර සිටි නැගනියක විසින් ආගුව ගෝලාකාර බදුනෙන් පිටතට ගෙන අවුවේ තබා තිබේ. පැය ගණනක් අවුවේ සිටි ආගු දැඩි රස්නය නිසා මියගොස් ඇත.

0 comments:

Post a Comment