අවිනීත කෙනෙකුට සීගිරි අප්සරාවක් දැක්කත් ලිංගික හැඟීම් ඇතිවෙනවා -හිමාලි

අවිනීත කෙනෙකුගේ සිතේ සීගිරි අප්සරාවක් දැක්කත් ලිංගික හැඟීම් නම් ඇතිවෙන්න පුළුවන් යයි රංගනය සහ නර්තනය තුළින් රසික සිත් දිනාගත් හිමාලි සිරිවර්ධන පවසන්නීය..

සෙන්ෂේසන් නර්තන කණ්ඩායම සමග නර්තන ප්‍රසංග හා එක්වෙමින් අතිශය කාර්යබහුලදිවියක් ගතකරන ඇය,  රැජින පුවත්පත සමඟ පිළිසඳරකදී  එබව සඳහන් කර ඇත..

රජ කාලෙත් නාටිකාංගනාවන් හිටියා.. ඒ අයත් නැටුමේදී ඇන්දේ නාරි ලාලිත්‍ය මතුවන විදියටයි.. නැටුමේදී ඇඳුම යොදාගන්නේ ශරීරයේ අලංකාරය, නාරි ලාලිත්‍යය මතුවන ආකාරයට.. ඒ වගේම නැටුමේදී විවිධ ආංගික චලනත් කළ යුතුයි.. ඇඳුමත් ඊට ගැළපිය යුතුයි.. ඉහේ සිට දෙපතුල දක්වා වැඩුණු ඇඳුමක්  ඇඳගෙන නර්තනයේ යෙදෙන්න බැහැ.. යයි ද ඇය අවධාරණය කර සිටියි..

විදුලි ආලෝක මධ්‍යයේ ශරීරය නිරාවරණය කරමින් නර්තනයේ යෙදෙන ගෑනු ළමයි නිසා නරඹන්නන්ගේ සිත් තුළ ලිංගික හැඟීම් උද්දීපනය වෙනවා නම් ඒ නර්තනයේ හෝ එහි යෙදෙන අයගේ වරදක් නිසා නෙමෙයිනේ,   පුද්ගල මනෝ භාවයෙයි වරද..

නමුත් කලා රසයයි ලිංගික ආශ්වාදයයි කියන්නේ දෙකක්.. අවිනීත කෙනෙකුගේ සිතේ ඔය වගේ නර්තන ‍නෙවෙයි සීගිරි අප්සරාවක් දැක්කත් ලිංගික හැඟීමක් පහළ වෙන්න පුළුවන්.. ඒ හින්දා පුද්ගල මනෝ භාවයන් ගැන හිතලා නර්තන කලාවට බාධා පමුණුවාගත යුතු නැහැ කියලයි මම කියන්නේ..zz යයි පුවත්පත විමසු පැනයකට පිළිතුරු දෙමින් ඇය ස්ථාවරය පැහැදිලිකර ඇත..

මේ දිනවල ඇය රඟපෑ රජහොරු චිත්‍රපටය තිරගත වන අතර නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ද මේ දිනවල රංගනයෙන් දායක වී සිටියි..

ඇගේ පෞද්ගලික ජීවිතයේ නවතම තොරතුරු හෙළිකරමින් ඇය රැජින සමග මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා ඇත..

මොනවද හිමාලිගෙ අලූ‍ත්ම තොරතුරු

මේ දවස්වල මා රඟපෑ රජ හොරු තිරගත වනවා.. රන්ජා තිරගත වීමටත් නියමිතයි.. ඊට අමතරව නවතම ටෙලි නාට්‍ය තුනක් හා චිත්‍රපට දෙකක් සඳහා එකතු වෙලා ඉන්නවා..

නර්තනය පැත්තෙන් ගත්තොත්

මගේ සෙන්ෂේසන් නර්තන කණ්ඩායම සමග මේ දිනවල නර්තන ප්‍රසංග රැසකට එකතු වනවා.. ඔය අතරේ මමයි මගේ සැමියා ෂෙනාල් සමග සතුටින් ජීවිතේ ගත කරනවා..

ඔබට වැඩි ජනප්‍රියත්වයක් උරුම කළේ නර්තනයද ?  රඟපෑමද ?

මම මුලින්ම ආවේ නර්තනයට ඒත් වැඩි ජනප්‍රියත්වයක් ලැබුණේ නිළිකමින්..

නමුත් ඒ ජනප්‍රියත්වය ඔබට නර්තන ක්‍ෂේත්‍රයේ වැඩි අවස්ථා ලැඛෙන්නත් බලපෑවා ?

එහෙම වෙන්න විදිහක් නැහැ.. මොකද නර්තන ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න නම් නර්තනය හැදෑරිය යුතුයි.. කුසලතාවක් තිබිය යුතුයි..

ඔබත් ජනප්‍රිය චරිතයක් වුණේ නිළියක් වුණු නිසා.. නර්තනයේ පමණක් යෙදිලා තරු බවට පත්වූ අය නැත්තේ ඇයි ?

චිත්‍රපට සහ ටෙලි නාට්‍යය කියන්නේ ප්‍රබල මාධ්‍ය දෙකක්.. ජනමාධ්‍යය තුළින් වැඩි ඉඩක් ඊට ලැඛෙන්නේ ඒ හින්දයි.. නමුත් නර්තනය වැනි වෙනත් කලාවන්ට ඒ තරම් ලොකු ඉඩක් මාධ්‍යයෙන් ලැඛෙන්නේ නැහැ.. මා සිතන්නේ සමාජයේ පැවැත්මට මේ සෑම සියලූ‍ කලා අංශයක්ම අවශ්‍යයි.. ඒ හින්දා මේ සෑම කලාවකටම සමාන ඉඩක් ඛෙදී යනවා නම් ජනප්‍රිය නළු නිළියන් ජනප්‍රිය ගායක ගායිකාවන් වගේම ජනප්‍රිය නර්තන ශිල්පින් ශිල්පිනියනුත් බිහිවේවි..

නමුත් අද සංදර්ශන වේදිකාවේ අප දකින නර්තන බොහොමයක් දැඩි විවේචනවලට බඳුන්  වෙනවා

අපි තවමත් හිතන්නේ සාම්ප්‍රදායික විදිහට ඒත් ඉන්දියාව වැනි රටවල් දේශීය නර්තනයට වගේම විවිධ නර්තනවලට ඉඩක් දී තිඛෙනවා.. ඒ අය ඒවාට බ‚න්නේ නැහැ.. ඒත් අපි තවමත් හිතන්නේ දේශීය නර්තනය විතරයි තිබිය යුත්තේ කියලා.. උඩරට, පහතරට, සබරගමු නැටුම් පමණක් නොවෙයි විවිධ රටවල විවිධ නර්තනයන්ටත් අප ඉඩක් ලබාදිය යුතුයි..

ඒත් ඇතැම් සංදර්ශනවල දකින නර්තන වලදී යුවතියන් අනවශ්‍ය විදියට ශරීරය නිරාවරණය වන ඇඳුම් යොදා ගන්නා බවට චෝදනා එල්ල වෙනවා

රජ කාලෙත් නාටිකාංගනාවන් හිටියා.. ඒ අයත් නැටුමේදී ඇන්දේ නාරි ලාලිත්‍ය මතුවන විදියටයි.. නැටුමේදී ඇඳුම යොදාගන්නේ ශරීරයේ අලංකාරය, නාරි ලාලිත්‍යය මතුවන ආකාරයට.. ඒ වගේම නැටුමේදී විවිධ ආංගික චලනත් කළ යුතුයි.. ඇඳුමත් ඊට ගැළපිය යුතුයි.. ඉහේ සිට දෙපතුල දක්වා වැඩුණු ඇඳුමක්  ඇඳගෙන නර්තනයේ යෙදෙන්න බැහැ..

මහ රෑ ජාමයේ ගෑනු ළමයි නටනවා කියන චෝදනා එල්ල කරන අය ගැන ඔබේ අදහස මොකක්ද ?

රංගනයේ යෙදෙන ගෑනු ළමයින්ට රෑ දවල් කියලා භේදයක් තිබිය යුතු නැහැ.. අනික රාත්‍රී කාලයේ සිදු කරන නර්තනවලට ආලෝක කරණය වගේ දේවල් වලින් හොඳ පිටිවහලක් ලබා ගන්න පුළුවන්.. ඒ වගේම පිළිගත් නර්තන ආචාර්යවරුන් රාත්‍රී කාලයේ නර්තනයේ යෙදෙන ගෑනු ළමයින්ට උපරිම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරනවා..

මේක අතුරු ප්‍රශ්නයක් විදුලි ආලෝක මධ්‍යයේ ශරීරය නිරාවරණය කරමින් නර්තනයේ යෙදෙන ගෑනු ළමයි නිසා නරඹන්නන්ගේ සිත් තුළ ලිංගික හැඟීම් උද්දීපනය වෙන්න ඉඩක් නැද්ද ?

එහෙම වෙනවා නම් ඒ නර්තනයේ හෝ එහි යෙදෙන අයගේ වරදක් නිසා නමෛයිනේ පුද්ගල මනෝ භාවයෙයි වරද.. නමුත් කලා රසයයි ලිංගික ආශ්වාදයයි කියන්නේ දෙකක්.. අවිනීත කෙනෙකුගේ සිතේ ඔය වගේ නර්තන ‍නෙවෙයි සීගිරි අප්සරාවක් දැක්කත් ලිංගික හැඟීමක් පහළ වෙන්න පුළුවන්.. ඒ හින්දා පුද්ගල මනෝ භාවයන් ගැන හිතලා නර්තන කලාවට බාධා පමුණුවාගත යුතු නැහැ කියලයි මම කියන්නේ..

එතකොට එමඟින් ඇතිවෙන ප්‍රශ්නවලට

ඒවට තමයි ‍පොලීසි උසාවි තියෙන්නේ.. ඒ වගේම සදාචාරවත් සමාජය මගිනුත් ඒ වගේ කාමුකයන්ට දවම් දෙන අවස්ථාත් තියනවානේ..

සෙන්ෂේසන් කණ්ඩායම තුළින් ජනප්‍රිය චරිතයක් වුණේ හිමාලි සිරිවර්ධන පමණයි.. ඇයි ඒ ?

ඊට හේතුව මම නර්තනය වගේම රංගනයත් කරන නිසා..

ඔබ ඔබේ සෙසු ශිල්පීනට මතු වන්නට ඉඩ දෙන්නේ නැහැ නේද ?

කවමදාකවත් නැහැ.. මම මගේ කණ්ඩායමේ ගෑනු ළමයි ටෙලි නාට්‍යවලට යොමු කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.. නමුත් ඒ තුළින් දුර ගමනක් යාම අයිති ඔවුන්ට.. ඒක මට කරන්න බැහැනේ..

ඔබ නර්තන ආචාර්යවරියක් වගේම නර්තන ශිල්පිනියක් කොහොමද මේ දෙකම එක සැරේ කරන්නේ ?

මම හරිම කැමතියි අනිත් අයට නර්තනය කරන්න දීලා වේදිකාව පිටිපස්සට වෙලා අධීක්ෂණය කරන්න.. ඒත් මම නිළියක් ලෙස ජනප්‍රියකමක් ගොඩනගාගෙන ඉන්න හින්දා ඒකට ඉඩක් නැහැ.. ලැඛෙන සෑම ප්‍රසංගයටම නර්තන කණ්ඩායම තුළ මාත් සිටිය යුතු බවටයි  ඉල්ලීම් ලැඛෙන්නේ..

නමුත් ඔබ කණ්ඩායමේ සෙසු අය අතරින් වඩාත් ඉස්මතු වී පෙනෙනවා

මගේ නර්තන හොඳින් පරීක්ෂා කරන්න කවදාවත්ම සැලසුම් සහගතව එහෙම දෙයක් වෙන්නේ නැහැ.. ඒ වගේම මගේ යටතේ පුහුණුව ලබලා නර්තනය තුළින් හෝ රංගනය තුළින් කවුරුන් හෝ ජනප්‍රිය තරුවක් වුණොත් එදාට ඒ දිහා බලලා වඩාත්ම සතුටුවන කෙනා මමයි.. ඒකෙ ආයේ දෙකක් නැහැ..

0 comments:

Post a Comment