නදීෂා ඇගේ ජිවිතේ දී ගොඩාක්ම පුදුමයට පත් වී ඇත්තේ ඈ ටෙලිනාට්‍යයක රගපාන්න තෝර ගත්ත කියන ආරංචිය ලැබුණ වෙලාවේ දී ය.. නිළියක් වුවත් නදීෂා හටත් ගැහැනියක් වෙලා ඉපදීම අපරාදේ කියලා හිතුණු අවස්ථා තිඛෙනවාලු.
ඒත් ඒ ඇයි ද? කියල කියන්න නම් නදීෂා කොහොමටවත් කැමති නෑ..... එහෙත් ගොඩක් අයගේ ආකර්ෂණය ලැඛෙන වෙලාවට ගැහැනියක් වීම ගැන හරි සතුටුක් ඇයට දැනෙනවාලු.....
නදීෂා හොල්මන්වලටලු වැඩි පුරාම බය. ඇය ඒ පිළිබදව පුංචි මතකයක් මෙන්ම ඇයට ජිවිතයේ දී ලැබුණු ලොකුම වේදනාව පිළිබදවත් හදගැස්ම මාධ්‍ය හමුව හා එක වූ අවස්තාවක දී මත්කයට නගා තිබුණේ මෙලෙසිනි
මගේ පළමුවැනි ටෙලි නාට්‍යය රූගත කළේ බදුල්ලේ තේ වත්තක තියෙන ලොකු බංගලාවක. ඒකේ බාත්රූම් එකත් ලොකුම ලොකුයි ඉතිං බාත්රූම් එකට යන්නේ හරි බයෙන්. ජනේලෙ දිහා බලාගෙන තමයි නාන්නෙත්. දවසක් මම නාද්දි එක පාරටම දැක්කා ජනේලෙන් කවුද කෙනෙක් ඔළුව දානවා ටික වෙලාවක් යද්දි ඒ ඔළුව එක පාරටම ලොකු ඔළුවක් බවට පත්වුණා. ඉතිං මම හොඳටම බයවෙලා කෑගහගෙන නනා හිටපු විදියටම තමයි එළියට දිව්වේ. මීට අවුරුදු 5කට 6කට කලින්.
බලාපොරොත්තු කඩවුණ හැම අවස්ථාවකදීම නදීෂාට ඈ පරාජිත බව දැනෙනවාලු..... එහෙත් ඇගේ ජීවිතයේ පසුතැවීම් නැති බවත් වැරදුණු හැමතකම තිඛෙන්නේ පාඩම් බවත් ඇය පැවසුවා ය. නදීෂාට ප්‍රේම සිතුවිලිත් ඕනෑ තරම් පහළ වී තිඛෙනවාලු.
ප්‍රේම සිතුවිලි සෑහෙන්න පහළවෙලා තියෙනවා. දකින දකින කෙනාට මට හිත යනවා. ලස්සන දෙයක් දැක්ක ගමන් හිත යනවා පෙම්වතියක් වුණේ මම පාසල් යන කාලෙදි..... ඒ ආදරය හරිම සුන්දරයි. මම එතකොට ලව් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෑ..... මංජුල කියලා අයියා කෙනෙක්. ඒ දවස්වල එයා කැම්පස් එකේ හිටියෙ. මට ඉංග්‍රීසියෙන් ලියපු කාඩ් එකක් දුන්නා. ඒ දවස්වල ඉතිං කියව ගන්නත් බෑ..... ඩික්ෂනරි පෙරළ පෙරළ කාඩ් එකේ තිබුණ දේවල් කියව ගන්න ට්‍රයි කළාග
නදීෂා රංගනයේ දී වඩාත්ම අපහසුතාවට පත්වුණු අපුරු අවස්තාවක් පිළිබදව ද එහි දී සිහිපත් කළා. ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ගේ කැරැක්ටර් එකකට මුලින්ම මට රගපාන්න සිද්ධ වුණා. එතකොට මම ඉස්කෝලෙත් යනවා. මට හරි... ලැජ්ජයි ඒ විදියට ඇවිදින්න ඒක තමයි අපහසුම රංගනය. එතකොට අපේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අම්මාව මතක් කරගෙන අම්මාව අනුකරණය කළා.
ඔය හැම දෙයක් ම අතරේ නදීෂා සුන්දරම හීනයකුත් දැක්කලු.. අර ඇවටර් ෆිල්ම් එකේ වගේ මිනිස්සු ඉන්න සිහින ලෝකෙක මම ජීවත් වුණා. ලස්සන ගස් - වැල්, මල්, පිරිච්ච ලෝකයක්.
0 comments:
Post a Comment