විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශ වැය ශීර්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අතර උණුසුම් විවාදයක් සිදුවිය. තමන් ඊයේ දිනයේද මන්ත්‍රීනී අපේක්ෂා ස්වර්ණමාලී සමඟ ඩාන්ස් එක්ක දැමූ බව ඒජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ දින පැවති විදේශ රැකියා හා ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ඒ මහතා සඳහන් කලේ රටවිරු රියල් ස්ටාර් වැඩසටහන සමඟ මන්ත්‍රීනීයන් වන උපේක්ෂා ස්වර්ණමාලී සහ මාලනී ෆොන්සේකා රටවල් පුරා සංචාරය කරද්දී විශාල ලෙස මුදල් ගෙවා ඇති බවයි.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය සඳහන් කර සිටියේ තමන් රන්ජන් රාමනායක දකින්නේ බැටළු හමක් පොරවා ගත් නරියෙක් ලෙසට බවයි. අදාල සංචාර සඳහා තමන්ට අනුග්‍රාහකයන් සිටි බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාශංයට ඊට කිසිදු මුදලක් වැය නොකල බවත් ඇය කීය.
0 comments:
Post a Comment