ලබන වසරේ මැද තමාගේ කාර්ය බහුලත්වය අඩු වූ පසු මවක් වීමේ ආශාව ඉටු කරගන්නා බව නර්තන ශිල්පිනියක් හා නිළියක් වන හිමාලි සිරිවර්ධන කියයි. තමාගේ පවුල් ජීවිතයේ ඉතාම සමගියෙන් සතුටින් ගෙවෙන බවත් ලබන ජනවාරි 20 වැනිදාට තමා විවාහ වී වසර 6ක් බවත් ඇය පවසන්නීය.
ඒ කාලය තුළ තමාගේ නර්තන රංගන කටයුතු හොඳින් කරගෙන යන්නේ සැමියාගෙන් ලැඛෙන සහයෝගය නිසා බවද ඇය පවසා ඇත.
ලංකාවේ නිළිය කියන කෙනාට ලොකු පිළිගැනීමක් නැති අවස්ථාත් ඇති බවද පවසන හිමාලි ඒක කොයිතරම් දුරට තමාට බලපාන්නේද යන්න තේරුම්ගෙන තම සැමියා තමාට උපරිම සහයෝගයක් ලබාදීම කලා ජීවිතේ සාර්ථකත්වයට හේතුවක් බවද ඇය කියන්නීය.
ළගදීම දෙරණ නාලිකාව ඔස්සේ විකාශයවීමට නියමිත ‘ස්වර්ණපාලි’ නම් ඓතිහාසික කතා පුවතේ චරිත මැවීම තමාගේ කලා ජීවිතයට වෙනසක් ඇතිවනු ඇති බවටද ඇය විශ්වාසය පළකර ඇත. මේ දිනවල තිරගතවන රජ හොරු චිත්රපටයේ ප්රධාන නිළියගේ භූමිකාව රගන්නේද හිමාලි විසිනි.
0 comments:
Post a Comment