කෙසේ වුවත් ෂෙරිල් මේ දිනවල ර`ගපෑමට වඩා බිස්නස් වලටයි හිත යොමු කරලා තියෙන්නේ. ඇය අලුතින් ඇගේම සැලෝන් එකක් විවෘතකළා. ෂෙරිල් ඇගේ අතීතය පිළිබදවත් වර්තමානයේ දී ඔවුන් මුහුණ පෑ කරදර පිළිබදවත් තොරතුරු රැසක්මාධ්‍ය හමුවක් හා රක් වූ අවස්තාවක දි පවසා සිටියේ මෙලෙසිනි.
පුංචි කාලේ ගොඩක් සිදුවීම් මට මතකයි. කොල්ලො වගේ තමයි ඉතින් මමත් හිටියේ. මම අත්විඳපු දෙයක් තමයි හු`ගක් සතුටුවෙන හැම වෙලාවෙම දුක්වෙන්න සිද්ධ වෙනවා කියන දෙය. ඉතින් මට ගොඩක්ම දුක හිතුණේ රුවනුයි, මමයි ගොඩක් අමාරුවෙන් හදපු ස්ටුඩියෝ එක හොරු කඩපු දවසේ.
ජීවිතයේ ගොඩක්ම සතුටු වුණේ, රුවනුයි මමයි විවාහ වුණ දවසේ. ජිවිතේ දි මුණගැහුණු විශ්වාසවන්තම පුද්ගලයා රුවන්. ලැබුණු අමතක නොවනම තිළිණය කලාව.
ඒ විදිහට මේ ගලාගෙන යන ජිවිතේ ගැන තොරතුරු පැවසු ෂෙරිල් ඇගේ අතීතය පිළිබදව තොරතුරු බිදක් පවසා සිටියේ මෙලෙසිනි.
මම ඇත්තටම ලියුම් ලියලා නෑ..... විශ්වාස කරන්න. මට ඇත්තටම ලියුම් ලියන්න බෑ.... හැබැයි මට ලියුම් ආවා. එක පාරක් සින්දු කෑල්ලක් ලියලා ලෙටර් එකක් දුන්නා. ඒකත් ලියලා දුන්නේ මගේ යාළුවෝ.
පෙම් සිතිවිලි පහළ වුණේ ඉස්කෝලෙ යද්දී. එතකොට මට අවුරුදු 18යි. එයත් ඉගෙන ගන්නවා. පෙම්වතියක් බවටත් පත්වුණා. ඒත් බයෙන්නේ ඒ දේවල් කරන්නේ. ඒ නිසා ඒ කාලෙම ඒක නැති වුණා. ඒත් මං බය දෙවියන් වහන්සේට විතරයි.
මට මම කියන දේ තමයි හැම වෙලාවෙම හරි වෙන්න ඕන. එකක් කිව්වොත් මම දහයක් කියනවා. ඒ දවස්වල අම්මාගෙන් වැඩිපුරම ගුටිකෑවෙත් ඒ නිසා.

මට අවුරුදු දෙකක් දෙකහමාරක් විතර ආදරය කරපු සම්බන්ධයක් තිබුණා. ඒක නැති වුණාම ගොඩක් දුක හිතුණා. පස්සේ මට හිතුණා ඇයි මම ඒ කොල්ලා වෙනුවෙන් මේ තරම් අ`ඩන්නේ කියලා.
ගැහැනියක් වෙලා ඉපදීම කරදරයක් කියලා දැනුණේ නෑ....... එහෙම හිතිලා නෑ..... අපිටනේ ලස්සනට අඳින්න කියන්න හැමදේම පුළුවන්. ගැහැනියක් වීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා.
රූපවාහිනි තිරයෙන් මාව මුලින්ම 2006 දී ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරි වුණ දවසේ. අවුරුදු කුමරිය වුණාට පස්සේ නවලිය පත්තරේ ද කොහෙද මගේ කවරයක් පළවුණා. ර`ගපෑම නම් මට එපාවෙන්නේ නෑ. මොකක්හරි ප්‍රශ්නෙක ඉඳලා වුණත් දර්ශන තලයට ගියාම ඒ හැමදේම අමතක වෙනවා.
රංගනය පටන් ගැන්මෙදි මට පොඩ්ඩක් ඩයලොග්ස් කියාගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. කවුරුහරි මාව දැකලා හිනාවෙන්නේ නැති තරමට වැඩ කරන්න ඕන කියලා තේරුම් අරගෙන මම හිතලා හැදුණා.

කටකතා නම් ඕන තරම් ඇහුවා. හැබැයි මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිටකරනවා. ඕවා ගැන හිතන්න ගියොත් වැඩක් කරගන්න වෙන්නේ නෑ.
පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙලා නෑ. හැබැයි මිනිස්සු ලැජ්ජ කරනවා. ඒත් මම හිනාවෙලා ඉන්නවා. පොල් වොකර්ගේ ෆිල්ම්වලට අනේ මම හරිම ආසයි. මට හරි දුකයි පෝල් මැරුණා. මගේ ආසම කෙනා පෝල්. මට මාර දුකයි.
0 comments:
Post a Comment