මේ දිනවල වැඩි පුර දක්නට නොමැති වුව ද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි නදීෂා හේමමාලි. ඈ පිළිබදව මේ දිනවල කවුරුත් කතා නොකළ තරම් ය. ඒ නිසාවෙන් ම ඇගේ අලුත්ම තොරතුරු පිළිබදව සොයා බැලු අපට ඇගේ ජිවිතයේ නව පෙරලියක් ඇති වූ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් දැනගන්නට ලැබුණි.
ඇය එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය වෙත මැතිවරණ අපේක්ෂකත්වය සඳහා වූ ඉල්ලූම් පත‍්‍ර බාර දී ඇතැයි ද, ඊයේ දින එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී එ.ජා.ප. සාමාජිකත්වය ලබා ගෙන තිබුණි.
අද දිනයේ දී ඇය ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්වයක දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත බව ද පැවසේ.
එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එ.ජා.පයෙන් තර`ග කිරීමට බලාපොරොත්තු වන බව ජනප්‍රිය ටෙලි නාට්‍යය හා චිත්‍රපටි නිළි නදීෂා හේමමාලි පවසා තිබුණි.
0 comments:
Post a Comment