අමල් උසාවි යාමට සැරසෙයි

රෝසි නමැති ඇලි කැස්බෑවාගේ අතුරුදන්වීම ගැන තමන්ට චෝදනා කිරීම ගැන එම කැස්බා මධ්‍යස්ථානයේ හිමිකරු හිමිකරු කේග චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතා ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බව ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා පවසයි.
රෝසිගේ අතුරුදන්වීම සම්බන්දව 19 දා කොස්ගොඩ පොලිසියට ප්‍රකාශයක් කිරීමෙන් පසු  කඳවු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමල් මේ බව හෙළිදරව් කළේය.

 අමල් එහිදී මෙසේ ද  පැවැසී යග ‘ඔය සිද්ධිය වුණා කියන දවසේ මම හිටියේ කොළඹ නයිට් රේස් නරඹමින්. ඊට  සාක්ෂි පවා තිබෙනවා ග කැස්බෑවා ඉල්ලන්න මා  ගියේ එකපාරයි. අනික මම ඌ ඉල්ලූවේ මාලදිවයිනේ මගේ යාළුවකු මගින් ජනප‍්‍රිය දේශපාලනඥයකුගේ  ශාන්තිකර්මයකටයි. ඒක කරන්න  ඕන පොහොය දවසක.  ඕක වෙලා තියෙන්නෙත් පොහොය දවසේ. ඉතින් ඇයි මම එදාට  ඕක අරගන්නේ. අනික ඒ දේශපාලනඥයා මාලදිවයිනේ  ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනා. දැන් එයත්  ඉවරයි.
අනික ඔය කැස්බෑ මධ්‍යස්ථානයේ සීගසීගටීගවීග කැමරා තියෙනවාග මීනිකන බල්ලෝ ඉන්නවාග ඕක වෙච්ච දවසේ උන් හිටියේ නිදාගෙනද. ඒ කමරා සාක්ෂි මගින් ඔය දේ කලේ කවුද කියා බලාගන්න පුළුවන් . අනික කැස්බෑවකු හැමෝටම අල්ලගන්න බෑ. මේ සිද්ධියේ දී හිමිකරු පොලීසියට කියලා තියෙන්නේ අමල් පෙරේරා සුදු කැස්බෑවා ඉල්ලූවා කියන එක පමණයි . අමල් පෙරේරා ගැන සැකයි කියලා ඍජුව  ප‍්‍රකාශයක් කෙරී  නැහැග නමුත් මේ සිද්ධිය අතරතුර මගේ නම කීපවාරයක් කියවුණු නිසා මේක මට වුණු අපකීර්තියක්. මම ඒ ගැන නීතිමය පියවර ගන්නවා. 

0 comments:

Post a Comment