
පුනරෝපකථන සහ පුනරාගමන ලෙසින් නම්කර ඇති ඇගේ නවතම කෘති ද්වය රැගෙන හෙට (15 දා) ප්‍රේක්‌ෂක පාඨකයන් අභිමුවට පැමිණෙන අනෝමා ජනාදරී දිවයින පුවත්පත සාකච්ජාවකදී එබව සඳහන් කර ඇත.
කලා ක්‌ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවීණ කලාකරුවන් පවා ඇගේ මේ ව්‍යායාමය එදා හැඳින්වූයේ ආවේගශීලී පළිගැනීමක් ලෙසටය.
එහෙත් කලා ක්‌ෂේත්‍රයෙන් පිටස්‌තර පොදු පාඨක සමාජයේ ඇතැමුන් වඩාත් උත්සුක වූයේ ඇගේ ජීවිත කතාව හරහා ඇය විසින් විදාරණය කරනු ලැබූ ඒ කතාව තමුන්ගේ ජීවිත කතාව හා සංසන්දනාත්මකව විමසීමටය.
ඒ කතාව පුනරුක්‌තිය. එය ඇගේ ආත්ම භාෂණය රැගත් ආන්දෝලනාත්මක සහ දැඩි කතාබහට නතුවූ ග්‍රන්ථයයි.
හෙට (15 දා) කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ දී එම ග්‍රන්ථ එළිදක්වන අවස්ථාවට එක්‌වන ලෙසට අනෝමා ඔබට ඇරයුම් කර සිටියි.
දුරකතන අංක 0778208839 ඇමතීමෙන් ඔබට ප්‍රවීණ කලා ශිල්පිනී අනෝමා ජනාදරී සමග කතා කළ හැකිය. මතු දිග හැරෙන කතාබහට නිමිත්ත වී ඇත්තේ, පුනරෝපකථන සහ පුනරාගමන එළිදැක්‌වීමයි.
0 comments:
Post a Comment