රත්තරං පක්ෂය මාරු කර ආවොත් ඔහුත් එක්ක එකට එකතු වී වැඩ කරනවා - අනර්කලී

ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේදි තමා එක්සත් නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත‍්‍රිනි අනර්කලි ආකර්ෂා මෙනෙවිය පවසන්නීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියා ය.

ඇය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා ය.
පසුගිය පළාත් සභා මැතිවරණයත් ජයග‍්‍රහණය කළේ තනිගමනක ගිහින්. එළඹෙන මැතිවරණයේදිත් කාගේවත් සහායක් නැතිව තනි අශ්වයෙකු වගේ තරග වැදී ජයග්‍රහණය කිරීම මගේ අරමුණයි. කලාකාරිනියක් ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය මැතිවරණයට ඉදිරිපත් වුවත් ඇයගේ කටයුතු ඇය කරගෙන යාවි. මගේ කටයුතු මම තනිවම කරගෙන යනවා. ක්‍රිශාන්ත පුශ්පකුමාර (රත්තරං) එජාප පළාත් සභා මන්ත‍්‍රිතුමා මගේ හොදම යාළුවෙක්. දේශපාලන පක්ෂ භෙදයකින් තොරව මම ඔහු ඇසුරු කරනවා.

ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදි ඔහු පක්ෂය මාරුකර අපේ පැත්තට ආවොත් ඔහු සමග එකට එකතු වී මැතිවරණ ව්‍යාපාරය කරනවා” යැයි ද පළාත් සභා මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා මෙනවිය ප‍්‍රකාශ කළා ය.

0 comments:

Post a Comment