කිෂානි රගපෑම එපාවෙලාද?
අයියෝ නැහැ.
එහෙනම් රූ රැජනක් වෙන්න හිතුවේ ?
මීට කලිනුත් මට මේ වගේ තරගවලට ආරාධනා ලැබුණා. නමුත් මම සහභාගි වුණේ නැහැ.
ලංකාවේ පැජන්ට් එකක් තියන්නේ නැතිව මාව තෝරාගත්තා. මේක මම උත්සාහ කරලා ගත්ත දෙයක් නෙමෙයි. අහම්ඛෙන් ලැබුණේ.
ඒ කොහොමද?
ප්‍රසන්න පත්මනාදන් තමයි මට මේ ආරාධනාව කළේ. ඔහු තමයි මේ පැජන්ට් එකේ ජාතික අධ්යක්ෂවරයා. ඔහු තමයි මාව මේකට තෝරාගත්තේ.
ඔබ මේකට ගැළපෙනවාද?
මම නෙමෙයිනේ තේරුවේ. මාව තෝරාගත්තේ ප්‍රසන්න. ඔවුන් තීරණය කළා මාව මේකට ගැළපෙනවා කියලා.
ඉතිං ඔබත් කැමැති වුණා?
මේක රූ රැජනක් නියෝජනය කරන තරගයක් නෙමෙයි. මේ පැජන්ට් එකට බුද්ධියත් ගොඩක් බලපානවා. මේ පැජන්ට් එකට සහභාගි වෙන අයට හොඳ අධ්‍යාපන මට්ටමක් තිඛෙන්න ඕනෑ කියලා සඳහන් කරලා තියෙනවා.
මොකක්ද මේ පැජන්ට් එක ?
ච්බ ජදබඑසබ්බඒක ච්ටැබඑ~ ලෝකයෙ පළමු වතාවටයි මේ තරගය පැවැත්වෙන්නේ.
මෙය පැවැත්වෙන්නේ කොහේද?
නොවැම්බර් 19 වැනිදා පිලිපීනයේ. රටවල් තිහක් විතර නියෝජනය කරනවා.
ක්ෂේත්රයට ආපු කාලේ කරන්න බැරිවුණ දේවල් දැන් කරන්නද හදන්නේ ?
එහෙම නැහැ.මට ඒ කාලෙත් රූ රැජන තරගවලට දායක වෙන්න කියලා ආරාධනා ලැබුණා. නමුත් මම කැමැති වුණේ නැහැ.
දැන් කොහොම හරි කිෂානිත් රූ රැජනක් ?
මම මේක බියුටි පැජන්ට් පස්සේ ගිහිං හොයාගත්තු දෙයක් නෙමෙයි. අතටම ලැබුණු දෙයක් හින්ද භාරගත්තා.
තරග කරලා දිනන්න බැහැ. ඒක නේද ඇත්ත ?
ඒ හින්දා නෙමෙයි. රූ රැජන තරගවල තියෙන මානසිකත්වය තමයි මට ඕනෑ කොහොම හරි අනෙක් කෙනා පරදවල මම දිනන්න ඕනෑ කියන කාරණාව. මම එහෙම මානසිකත්වයක නැහැ. අනික එහෙම ඕනෑකමක් මට තිබුණෙත් නැහැ.
කොහොමද මේ සඳහා සූදානම ?
ගොඩක් දේවල් ගැන දැන් මට ඉගෙනගන්න තියෙනවා. මේ හරහා මට රටට කීර්තියක් අත්කරදෙන්නයි ඕනේ.
දැන් ර`ගපෑම අත්හරිනවාද?
මම ර`ගපෑම අත්හරින්නේ නැහැ.
මොනර කඩදාසි නිසා ඔබ ගැන හරියට කතාබහ වෙනවා?
හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ වැඩකරන්න ලැබුණා. ඒක හින්දා තමයි මේ ටෙලිනාට්‍යය සාර්ථක. ඒ නිසා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැඛෙනවා.
මේ ඔක්කොම පටලවා ගත්තහම එක වැඩක්වත් හරියට කරන්න පුළුවන් වෙයිද?
මම හිතන්නේ නැහැ මම වැඩ පටලවා ගත්තා කියලා. මම ගොඩක් දේවල් ජීවිතේට එකතුකරගත්තා කියලයි මට නම් හිතෙන්නේ.
කිෂානි දැන් මිස් ශ්‍රී ලංකා. එහෙමනේ ?
ඔව්. අනිවාර්යයෙන්ම. මම මිස් ශ්‍රී ලංකා වුණා.
මේ අවස්ථාව ගැන මොකද හිතන්නේ ?
මේක අහම්බයෙන් ලැබුණු අවස්ථාවක්. මේ අවස්ථාව ලැබුණහම මම එකවර උත්තරයක් දුන්නේ නැහැ.
අද කාලේ ඕනෑ තරම් රූ රැජනන් ඉන්නවා. මේ වගේ දෙයකට ඉදිරිපත්නොවී හිටියානම් හොඳයි නේද ?
කොහෙත්ම නැහැ. විශේෂයෙන්ම ගොඩක් කාන්තාවන්ට මේ වගේ තරගවලින් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ කිසිම පාඩුවක් වුණා කියලා. මේක බියුටි කන්ටෙස්ට් තරගයක් විතරක්ම නෙමෙයි.
0 comments:
Post a Comment