
මගේ පළමුවැනි උපන් දිනය සැමරුවා යාන්තමට මතකයි.
ඉස්සෙල්ලම කොළඹ ආවේ?
පොඩි කාලේ ඇවිල්ල ඇති. හරියට මතක නෑ.
රූපයට ලැබුණ අමතක නොවනම ප්‍රතිචාරය?
ගොඩක් ප්‍රේක්ෂකයෝ කියනවා ලස්සනයි කියලා. ඒවා නම් හිතට වදිනවා.
අම්මාගෙන් ගුටිකාපු දවසක්?
එයා හැමදාම වගේ මට ගහනවානේ. මං කියන දේ අහන්නෙ නෑනේ. ඒ නිසා ඕනතරම් ගුටිකනවා.
ඉස්කෝලේ කාලේ මතක හිටින්න ලැබුණ ද`ඩුවම?
ඒ කාලේ අනුන්ගේ වැඩත් එක්ක කරනවා... ඒ නිසා මට ද`ඩුවම් ලැබුණේ නෑ. ගුරුවරු හරි ආදරෙයි. දැන් වගේ නෙවෙයි. පෙනුමෙනුත් ආදරේ හිතෙනවා. බෝලෙ වගේ මහතයි. හරි හුරතල්.
ලැබුණු අමතක නොවන තිළිණය?
අපේ අම්මා මට අවුරුදු 18 පිරෙද්දි මාලයක් හදලා දුන්නා.

මම අට වසරෙදි විතර අම්මාට බතික් ගවුමකුයි නයිට් ඩ්‍රස් එකකුයි අරගෙන දුන්නා. එදා අම්මාට ගොඩක් ඇ`ඩුණා.
හා හා පුරා කියලා පෙව්වතියක් වුණේ?
අවංකවම කියන්නේ සීරියස් ලව් එකක් තවම අත්විඳලා නෑ. කාලෙන් කාලෙට අනුරාධපුරය නුවර, ඕමාන්, වගේ තැන් තැන්වල හිටපු නිසා සීරියස් ආදරයක් ඇතිවුණේ නෑ.
ලියුමක් ලිව්වේ?
මම ඉස්සෙල්ලාම යාළුවෙලා හිටියේ බයෝ කරපු පිරිමි ළමයෙක් එක්ක. දැන් එයා ඩොක්ටර් කෙනෙක්. එයාට තමයි මුලින්ම ලිව්වේ. ලියුමක් කිව්වාට ඒක පොඩි චිට් කෑල්ලක්.
දුරකතනයට ලැබුණ අමතක නොවන පණිවුඩය?
මගෙන් යාළුවෙන්න අහපු හොඳම යාළුවෙක් හිටියා. ඒත් මම එයාට කැමැති වුණේ නෑ. දවසක් එකපාරම එයා අතුරුදන් වුණා. ලංකාවෙත් නෑ. අපිට ඕනම දෙයක් ළග තියෙද්දිනේ වටිනාකමක් නැත්තේ. මාත් අතුරුදන් වුණාට පස්සේ ඔහුව හෙව්වා. මීට සති දෙකකට කලින් මට මේ කියන පුද්ගලයාගෙන් කියලා මට දුරකතන පණිවුඩයක් ආවා. ඒ පණිවුඩය නිසා මම පුදුම විදියට සතුටු වුණා.

අම්මා හැරෙන්න කිසිම පුද්ගලයෙක් විශ්වාස නෑ.
රූගත කිරීමකට මුහුණ දුන්න මුල්ම දවස?
ජීවිතය ලස්සනයි චිත්‍රපටයට සම්බන්ධ වුණා. එදා මට ලොකු බයක් දැනුණේ නෑ. මොකද ඊට කලින් ෆොටෝ ෂූට්වලට එහෙම මුහුණදීලා තිබුණ නිසා.
ක්ෂේත්රයේදී මුණගැහුණු හොඳම මිතුරෝ?
හැමෝම ආශ්‍රය කරනවා. විශේෂයක් නෑ.

එක්තරා ටෙලි නාට්‍යයක මේන් රෝල් එක කරන්න හිටිය ප්‍රවීණ නළුවෙක් මට පාට් එකක් දැම්මා. එයාට අවුරුදු 32ක් විතර ඇති. මට 21 යිනේ. මං පොඩියි. එදා මම ඇ`ඩුවා. හැබැයි ඒ සිදුවීමෙන් පස්සේ මං හැදුණා. මට දැන් මොන ප්රශ්නය තිබුණත් ඕන කෙනෙක් එක්ක රගපාන්න පුළුවන්.
පිරිමි ළමයෙක්ගේ අතින් ඇල්ලුවේ?
අර කලින් කියපු ඩොක්ටර්ගේ අතින් තමයි ඇල්ලුවේ.
රංගනයේදී හිත ගිය රංගන ශිල්පීන්?
අමිල අබේසේකර, සාරංග දිසාසේකර, සුරාජ් මාපා, මේනක රාජපක්ෂ, රංජන් රාමනායක, උද්දික ප්‍රේමරත්න, මෙයාලට ගොඩක් ආසයි.ඊට අමතරව ඕනෑම කෙනෙක් එක්ක ර`ගපානවා.
ජීවිතයේ හුගක්ම සතුටු වුණේ?
මගේ මුතුවරුසා කියන පළමුවැනි ටෙලි නාට්‍යය ටෙලිකාස්ට් කරපු දවසෙ.
ඉකි ගහල ඇඩුවේ?
මම හුරතලයට ඇතිකරපු බලු පැටිය මැරුණ දවසේ.
හැදුණ ලොකුම කට කතාව?
ලොකුම කටකතාව කියන්න ගියොත් ආයෙත් ඒක ඇවිස්සෙනවා.
ගෙදර හිටියේ මම විතරයි. මම ආසයි නිකං වෙලාවට ඔය එක එක අතුරුපස කෑම ජාති හදන්න. ඉතිං එදා මම ජෙලි වගයක් හද හදා ඉඳිද්දි එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවේ මම මුළු ගෙදරම දෙදරන්න කෑගහගෙන අල්ලපු ගෙදරට දිව්වා.
ලබපු ලොකුම ජයග්‍රහණය?
ගීතයක රූප රචනාවක කරපු රංගනයට හොඳම රංගනයට හිමි මියුසික් අවෝර්ඩ්ස් ලැබුණා. ඒක ජීවිතේටවත් අමතක වෙන්නේ නෑ.
එක ෆිල්ම් එකකට මට අ`ඩගහලා තිබුණත් කිසියම් දෙයක් ඉෂ්ට වුණේ නැති නිසා මාව ඒ ෆිල්ම් එකෙන් ඉවත් කළා.
දැකපු සුන්දරම හීනය?
ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙලා එක දිගට අවෝර්ඩ්ස් ගත්තා. හැබැයි ඉතිං හීනෙන්ම විතරයි. මට ෂුවර් ඒක කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ.
මිනිස්සු ආදරය කරන රංගන ශිල්පිනියක් වීම.
0 comments:
Post a Comment